almost 7 years ago by Manthri.lk - Research Team under in Analysis

මූලාසනයේ නියෝග පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ ක්‍රියාවට නංවන නිලධාරී මඩුල්ලේ එකම රාජකීය නිල තනතුර වේත්‍ර‍ධාරී ධුරයයි. මුල් කාලීනව සෙංකෝලය‍ෙහි භාරකරු වශය‍ෙන් පැමිණ, අද වන විට පාර්ලිමේන්තුවේ ආරක්ෂාව, පරිපාලනය ඇතුළු සමස්ත අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය සම්බන්ධව වගකීම් රාශියක් උසුලන ම‍ෙම තනතුර ද‍ෙවැනි වන්නේ පාර්ලිමේන්තු මහලේකම් ධුරයට පමණි. ම‍ෙම ක‍ෙටි ලිපිය නූතන පාර්ලිමේන්තුව තුළ වේත්‍ර‍ධාරී තුමන්ගේ කාර්යභාරය ක‍ෙටිය‍ෙන් විමසා බලන්නකි.

ඉතිහාසය‍ෙන් බිඳක්

වසර 800 ක් තරම් අතීතයකට හිමිකම් කියන වේත්‍රධාරි තනතුර‍ෙහි මුල් කාලීන කාර්යයභාරය වූයේ සෙංකෝලය‍ දරා සිටිමින් රජුව ආරක්ෂා කිරීමයි. සෙංකෝලය සංකේතාත්මක අංගයක් ල‍ෙස පාර්ලිමේන්තු සම්ප්‍ර‍දායට එක් වීමත් සමඟ එහි භාරකරු ල‍ෙස පැමිණි ම‍ෙම ධුරය පාර්ලිමේන්තුව තුළ විධායක නිලධාරිය‍ෙකුගේ තත්ත්වයට පත්විණි. පළමුවැනි රිචඩ් රජ සමය වන විට වේත්‍ර‍ධාරීවරයාගේ කාර්යය සෙංකෝලය‍ සභා ගැබට සහ ඉන් පිටතට රැග‍ෙන යාමත් මුලසුන නිකුත් කරන නියෝග ක්‍රියාත්මක කිරීමත් ය. කල්යත් ම පාර්ලිමේන්තුවේ විනය ආරක්ෂා කිරීම හා එම පරිශ්‍රය‍ෙහි ආරක්ෂක කටයුතු ම‍ෙහ‍ෙයවීම දක්වා වගකීම් පුළුල් වූ අතර වර්තමානයේ ද සභාගැබට අවියක් [නිල අසිපත‍] රැග‍ෙන යාමට වරප්‍ර‍සාදය ඇත්තේ වේත්‍ර‍ධාරියාට පමණි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ වේත්‍ර‍ධාරියා

ම‍ෙරට පාර්ලිමේන්තුවේ වේත්‍ර‍ධාරී තනතුර ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාව‍ෙන් ම පත් ක‍ෙර‍ෙන අතර ධුරය දැරිය හැකි නිශ්චිත කාල සීමාවක් නැත. ම‍ෙම ධුරයේ වගකීම් ආරක්ෂක, සංවිධානාත්මක සහ චාරිත්‍රානුකූල කාර්යයන් ල‍ෙස වර්ග කළ හැකි ය. සෙංකෝලයෙහි භාරකාරීත්වයට අමතරව, පාර්ලිමේන්තුවට නොගැළප‍ෙන අයුරින් හැසිර‍ෙන මන්ත්‍රීවරුන් සභාව‍ෙන් ඉවත් කිරීමටත්, එසේ හැසිර‍ෙන ව‍ෙනත් ඔනෑම අය‍ෙක් අත්අඩංගුවට ගැනීමටත් ඔහුට බලය ඇත. එම‍ෙන් ම හදිසි අවස්ථාවක ආරක්ෂක අංශ සමඟ පාර්ලිමේන්තු පරිශ්‍රයෙහි රැකවරණය  සලස්වන්නේ වේත්‍ර‍ධාරීවරයා ය.

පාර්ලිමේන්තුවට පැමිණෙන අමුත්තන්ට පහසුකම් සැලැස්වීම, ගැලරි අදීක්ෂණය කිරීම ම‍ෙන් ම පාර්ලිමේන්තුවේ උත්සව සහ සම්භාෂණ සංවිධානය කිරීම වැනි කාර්යයන් පවතින්නේ ද වේත්‍ර‍ධාරියා භාරයේය. පොදු රාජ්‍ය මණ්ඩලීය වේත්‍ර‍ධාරීවරුන්ගේ සංගමයේ සාමාජිකත්වය නිල බලය‍ෙන්ම හිමිවන  ම‍ෙම තනතුර පාර්ලිමේන්තු කටයුතු කාලානුරූපීව නවීකරණය කරනු ලබන්නේ අන්තර්ජාතික දැනුම ද උපයෝගී කරගනිමිනි. වසර 1947 සිට මේ දක්වා වේත්‍ර‍ධාරීවරුන් පස් ද‍ෙන‍ෙක් පත් වී ඇති අතර වසර 26ක් සේවය කළ රොනී අබේසිංහ මහතා වැඩිම සේවා කාලයත්, වසර 10ක් සේවය කළ ඒ.ඒ.ආර්. ද සිල්වා මහතා අඩුම සේවා කාලයත් වාර්තා කර තිබේ.

 

කෙසේවෙතත්, සෙංකෝලය‍ෙහි භාරකරු වශය‍ෙන් පැමිණ, අද වන විට පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සහ පරිපාලනය සමබන්ධ  තීරණාත්මක කාර්යයක් ඉටු කරන ම‍ෙම තනතුර පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර ක්‍රියාවලිය මනාව කලමනාකරණය කරමින්, එහි උත්තරීතරත්වය සුරක්ෂිත කරන සුවිශේෂී තනතුරක් ලෙස හැඳින්විය හැකි ය.