over 5 years ago by Manthri.lk - Research Team under in Analysis

 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමටත් ඒ හරහා ඔවුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි කිරීමටත් ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂවලට බලයක් පවතී. පසුගිය වසර 25 මුළුල්ලේම පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ගනු ලැබූ උත්සාහයන්හීදී දේශපාලන පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණය‍ ඉදිරියේ අසාර්ථකව තිබේ. කෙසේ වුවද නිසි කාර්ය පටිපාටියක් අනුව විනය පරීක්ෂණයක් පවත්වා වරද ඔප්පු වූ පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරය‍ෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට බාධා නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ අධ්‍යයනයේදී පෙනී යයි. මෙසේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිවු පසු ඔහුට තම මන්ත්‍රී ධුරය අහිමි වේ.

පිල්මාරු කිරීම යනු කුමක්ද?  :-

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු තමා පාර්ලිමේන්තුව වෙත පත් කර එවන ලද දේශපාලන පක්ෂයේ මතයට විරුද්ධ වෙමින් පාර්ලිමේන්තුවේ වෙනත් දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට සහය පළකිරීම දේශපාලන පිල් මාරුව යනුවෙන් සරලව හැඳින්විය හැකිය.

පක්‍ෂ විනය කඩකළ පසු:-

මෙවැනි අවස්ථාවල දී දේශපාලන පක්ෂ විසින් විනය චෝදනා මත අදාළ මන්ත්‍රීවරයාගේ පක්ෂ සාමාජිකත්වය‍ අහෝසි කිරීම දක්නට ලැබ‍ෙන්නකි. මෙසේ පක්ෂ සාමාජිකත්වය අහෝසි වී මාසයක් ගත වූ තැන ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමිවන බවට ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ 99(13)(අ) වන ව්‍යවස්ථාව මඟින් පැහැදිලිව දක්වා තිබේ.

මෙහි සාර්ථකත්වයක් පවතීද? :-

එසේ වුවත් එම ව්‍යවස්ථාවේ  අතුරු ව්‍යවස්ථාව දක්වා සිටින්නේ පක්ෂය විසින් ගනු ලැබූ තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙහි නඩු පැවරීමට අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට හැකියාව පවතින බවයි. යම් හෙයකින් පක්ෂ සාමාජිකත්වය‍ අහෝසි කිරීමට ගනු ලැබූ තීරණය දෝෂ සහගත බවට ශ්‍රේෂ්ඨාධිකරණය‍ නිගමනය කළහොත් ඔහුගේ හෝ ඇයගේ පක්ෂ සාමාජිකත්වය‍‍ හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි වන්නේ නැත.පසුගිය වසර 25 තුළ දී මෙසේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට දේශපාලන පක්ෂ විසින් ගනු ලැබූ උත්සාහයන් සියල්ලම පාහේ ශ්‍රේෂ්ඨාධිකරණය‍ ඉදිරියේ ව්‍යර්ථව  තිබේ.ඔවුන්ට එරෙහිව පවත්වන ලද විනය පරීක්ෂණවල දී සිදු වූ තාක්ෂණික දෝෂයන් ඊට මූලික හේතුව වී ඇත.

 

 නඩු තීන්දු ඉතිහාසය‍ කෙටියෙන්

ඒ අනුව

කාර්ය පටිපාටිය අනුගමනය නොකිරීම:- පක්ෂ ව්‍යවස්ථාවට අනුව පත් කළ විනය කමිටුවක් විසින් නිසි කාර්යය පටිපාටිය අනුව ආරම්භ කරන  විනය පරීක්ෂණයක දී:

පරීක්‍ෂණය අතරතුර සිදුවන දුර්වලතා:- සාධාරණත්වයේ  සහ ස්වභාවික යුක්ති මූලධර්ම අනුගමනය කරමින් කරුණු සලකා බලා වරද ඔප්පු වූ පසු

සාධාරණ හා සමානුපාතික නොවීම:- සිදු කළ වරද පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තරම් සාධාරණ සහ සමානුපාතික හේතුවක් නම්:

පාර්ලිමේන්තු මන්ත්‍රීවරය‍ෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට දේශපාලන පක්ෂ වලට හැකියාවක් ඇත.