almost 9 years ago by Manthri team under in Analysis

ජනාධිපතිවරණයෙන් පසුව, හදිසි වැටලීම් මගින් අත්අඩංගුවට ගෙන තිබෙන අලින් 11 න් අලින් 8 දෙනෙකුට ම බලපත්‍ර තිබෙන බවත්, 3 දෙනෙකුට පමණක් බලපත්‍ර නොමැති බවත්, සංචාරක හා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා මැයි 21 වැනිදා පාර්ලිමේන්තුවේ දී පැවසීය. ඒ එ.ජ.නි.ස. පා.ම. සුසන්ත පුංචිනිළමේ ගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

නි. අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, අත්අඩංගුවට ගත් අලි ඇතුන් පින්නවල අලි අනාථාගාරය, උඩවළව ඇත් අතුරු සෙවණ, ගිරිතලේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු පුහුණු කේන්ද්‍රය යන තැන් වල රඳවා තබා ඇති බවත්, මේ වන විට ඉදිරිපත් කර ඇති බලපත්‍ර වල නීත්‍යනුකුල භාවය පරීක්ෂා කරමින් සිටින බවත ය. කෙසේ වෙතත්, අධිකරණමය ක්‍රියාවලියෙන් පසුව ඉදිරියේ දී එම අලි ඇතුන් සම්බන්ධ තීරණයක් ගන්නා බවත්, තවත් 10 දෙනෙකු පමණ අත්අඩංගුවට ගැනීමට තිබෙන බවත්, එහිදී අනාවරණය විය.

මේ අතර අත්අඩංගුවට ගත් බලපත්‍ර සහිත අලි ඇතුන් ගේ හිමිකරුවන්ගේ නාම ලේඛනය සහ අත්අඩංගුවට ගත් බලපත්‍ර රහිත අලි ඇතුන් ගේ නාම ලේඛනයත් මෙහිදී පාර්ලිමේන්තු සභාගත කරන ලදී.

 

(මූලාශ්‍රය- 2015 මැයි 21 හැන්සාඩ් වාර්තාව, පිටු අංක 11-12)