over 6 years ago by Manthri.lk - Research Team under in ග්‍රැෆික්තොරතුරු සටහන්

 

2018 අයවැයෙන් රුපියල් බිලියන 23.7 ප‍්‍රතිපාදනයක් වෙන් කොට තිබෙන ‘කෘෂිකර්ම විෂය’ පිළිබඳ කමිටු අවස්ථාවේ විවාදය අද (නොවැම්බර් 22) දිනට යෙදී ඇත. 2015 සැප්. සිට 2017 සැප්. දක්වා අවරුදු 2ක් පුරා ‘කෘෂිකර්ම විෂයට’ අදාල ව පාර්ලිමේන්තුව තුළ සිදු වූ ක‍්‍රියාකාරකම් වල සාරාංශයක් වන Manthri.lk හි මෙම ග‍්‍රැෆික් සටහන මඟින් පැහැදිලි ව පෙනෙන පරිදි ‘කෘෂිකර්ම විෂය’ යටතේ කල් තැබීමේ විවාද 2ක් පැවැත්වී ඇත. පනත්, නියෝග, විධි නියාමන කිසිවක් සම්මත කරනු ලැබ නැත. ලිඛිත ප‍්‍රශ්න 26ක් ඉදිරිපත් වී ඇති අතර ‘කෘෂිකර්ම විෂයට’ අදාල ව පාර්ලිමේන්තු සභා ගැබේ කටයුතු වලට දායකත්වයක් දුන් මත‍්‍රිවරුන් / ඇමතිවරුන්  49ක් අතරින්, පිළිවෙලින් 1, 2, 3, 4, 5 යන ස්ථාන වලට පත්ව ඇත්තේ අමාත්‍ය වසන්ත අලුවිහාරේ, අමාත්‍ය පී. හැරිසන්, පා.ම. අනුර කුමාර දිසානායක, පා.ම. බිමල් රත්නායක, පා.ම. උදය ශාන්ත ගුණසේකර යන මත‍්‍රිවරුන් / ඇමතිවරුන් ය.