over 6 years ago by Manthri.lk - Research Team under in ග්‍රැෆික්තොරතුරු සටහන්

 

2018 අයවැයෙන් රුපියල් බිලියන 7.7 ප‍්‍රතිපාදනයක් වෙන් කොට තිබෙන ‘ධීවර හා ජලජ සම්පත් විෂය‘ පිළිබඳ කමිටු අවස්ථාවේ විවාදය අද (දෙසැ.5) දිනට යෙදී ඇත. 2015 සැප්. සිට 2017 සැප්. දක්වා අවරුදු 2ක් පුරා ‘ධීවර හා ජලජ සම්පත් විෂය‘ට අදාල ව පාර්ලිමේන්තුව තුළ සිදු වූ ක්‍‍්‍රියාකාරකම් වල සාරාංශයක් වන ඵ්බඑයරස.කන හි මෙම ග‍්‍රැෆික් සටහන මඟින් පැහැදිලි ව පෙනෙන පරිදි ‘ධීවර හා ජලජ සම්පත් විෂය‘ යටතේ පනත් 2 ක්, විධි නියාමන 2 ක් ඉදිරිපත් වී ඇති අතර කල් තැබීමේ විවාද 4 ක් පැවැත්වී ඇත. ලිඛිත ප‍්‍රශ්න 11 ක් ඉදිරිපත් වී ඇති අතර ‘ධීවර හා ජලජ සම්පත් විෂය‘ ට  අදාල ව පාර්ලිමේන්තු සභා ගැබේ කටයුතු වලට දායකත්වයක් දුන් මත‍්‍රිවරුන් / ඇමතිවරුන්  78 ක් අතරින් පිළිවෙලින් 1, 2, 3, 4, 5 යන ස්ථාන වලට පත්ව ඇත්තේ අමාත්‍ය මහින්ද අමරවීර, පා.ම. නිහාල් ගලප්පත්ති, පා.ම. දිලිප් වෙදාරච්චි,  පා.ම. කාංචන විජේසේකර, පා.ම. චාර්ල්ස් නිර්මලනාදන් යන මත‍්‍රිවරුන් / ඇමතිවරුන් ය.