almost 9 years ago by අසෝක ඔබේසේකර under in විශ්ලේෂණ

ජූලි මස 13 වැනිදායින් අවසන් වන නාම යෝජනා සහා වන අවසන් දිනය එජනිස සභාගය තුළ වන බල අරගලය වෙත අවධානය ඉහළ නංවා ඇත. එජනිස ව්‍යවස්ථාව දක්වමින්, මා මෙහිදී පෙන්වා දෙන්නට අදහස් කරන්නේ තනි බලයක් මත පදනම්ව නාම යෝජනා තීරණය කිරීමට ජනාධිපති සිරිසේනට ඇති හැකියාව සීමිත බවත් එය එජනිස විධායක කමිටුව සමග සාකච්ඡා කිරීමට ඔහුට ඇති හැකියාව මත පදනම් වන බවත් ය. 

 

2010 මහ මැතිවරණයේදී එජනිස සභාගය පාර්ලිමේන්තුව ජය ගත්තේ එහි මන්ත්‍රී ආසන 225න් 144ක් දිනා ගනිමිනි. මන්ත්‍රීවරු 123ක් සමගින් ශ්‍රීලනිපය එජනිසයේ තීරක බලය හිමිකරගෙන සිටින අතර (රූප සටහන 1) ඉතිරි මන්ත්‍රී ධූර 21 පක්ෂ 11ක් වෙත බෙදී ගොස් ඇත.

 

 

 

 

ශ්‍රීලනිපයේ ආසන සංඛ්‍යාවත්, ජනාධිපති සිරිසේන ශ්‍රීලනිපයේ සභාපතිත්වය සහ එජනිසයේ නායකත්වය දැරීමේ කරුණත් පදනම් කරගනිමින් බොහෝ දෙනෙක් ජනාධිපතිවරයාට එජනිස නාමයෝජනා තීරණය කිරීම හමුවේ වැඩි බලයක් ඇතැයි තීන්දු කර ඇත. මේ හේතුව, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ සමීප සහායකයින්ට නාමයෝජනා ලබා දෙනු ඇතැයි යන්න ජනාධිපති සිරිසේන 2015 ජනවාරියේ බලයට ගෙන ඒමට සහාය දුන් පිරිස අර්බුදයක් නිර්මාණය කිරීමට තුඩු දී තිබේ.

 

එජනිස විධායක කමිටුව

 

එජනිස ව්‍යවස්ථාව නොසලකා හරිමින් එහි වන බල ව්‍යුහය සරල කිරීම නාමයෝජනා ක්‍රියාවලිය සුළුකොට තැකීමකි. ජනප්‍රිය විශ්වාසය වන්නේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා එහි නායකයා (ජනාධිපති සිරිසේන) හෝ නොඑසේනම් එහි ප්‍ර‍ධාන ලේකම්වරයා (සුසිල් ප්‍රේමජයන්ත්) විසින් පාලනය කරනු ඇති බවයි. නාම යෝජනා තීරණය කෙරෙන්නේ එජනිස විධායක කමිටුවේ බහුතර තීරණය පදනම් කොටගෙන ය.

 

විධායක කමිටුව සාමාජිකයින් 72කින් සමන්විත වන අතර (රූප සටහන 2) ඒ අතුරින් 37 සිට 49 අතර සාමාජිකයින් ප්‍ර‍මාණයක් තීරණය කිරීමට ශ්‍රීලනිපයට හැකි ය.  

 

 

සාමාජිකයින් 72ක ලැයිස්තුවක් (144කින් හරියටම අඩක්) ගෙනෙන එජනිස ව්‍යවස්ථාව පෙන්නුම් කරන්නේ 2010 මැතිවරණයෙන් පසු පැවති තත්වයයි. එය ව්‍යුහගත වී තිබෙන්නේ එජනිසය ශ්‍රීලනිපයේ පාලනය යටතේ පවතින ලෙස ය. එනමුත් එය ශ්‍රීලනිපයේ එකමුතු බව අපේක්ෂා කරයි. පක්ෂයේ නායකයා සහ සාමාජිකත්වය එකිනෙකට වෙනස් අදහස් දරණ අවස්ථාවකට පැමිණෙන මොහොතක අපේක්ෂකයින් තේරීම පිළිබඳ සෙසු කමිටු සාමාජිකයින්ගේ බලය පෙරට එයි.

 

එජනිස විධායක කමිටුවේ නාමාවලිය මහජන අවකාශය තුළ මුණ නොගැසේ. එජනිස නායකයා වන ජනාධිපති සිරිසේන ගෙනෙන නියෝග ක්‍රියාත්මක කිරීමට එහි විධායක කමිටු සාමාජිකයින් බැඳී නොසිටින අතර එය සභාග ක්‍ර‍මයේ ඇති ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී ලක්ෂණයක් ලෙස හඳුනාගත හැකි ය. තව දුරටත්, ශ්‍රීලනිප මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා විසින් සන්නිවේදනය කරනු ලබන නමුත් ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය අවශ්‍ය කරන ශ්‍රීලනිපය එජනිසයෙන් ඉවත්වීමේ යෝජනාවද අදාල පක්ෂයේ අනුමැතිය සම්බන්ධ සමාන බාධකවලට මුහුණ දෙනු ඇත.

 

සාකච්ඡා තුළින් පාලනය බැ තබා ගැනීම

 

මෙම සියලු කරුණු ජනාධිපති සිරිසේනට කටයුතු කිරීමට තිබුණු කෙටි කාල සීමාව හා එක් කොට බලන විට, බොහෝ දෙනෙක් ඔහුගේ වචනය බලාපොරොත්තු වන මුත්, ඔහුට ඇති තේරීම් සුළු බව පෙනේ. එජනිස නාමයෝජනා පාලනය කිරීමට ඇති ඔහුට ඇති එකම මාර්ගය අඩු තරමින් විධායක සභාවේ 37 දෙනෙකුගේවත් සහාය තමන් වෙත ලබා ගැනීමයි. මෙම සහාය ජනපති සිරිසේනට අවශ්‍ය වන්නේ, අද වන විට ඇති අවශ්‍යතා බොහෝ ඉක්මවමින් අවසන් අවස්ථාවේදී සාකච්ඡා මගින් සහාය ලබා ගැනීමට ඇති හැකියාව දක්වනු පිණිස ය.

 

ජනපති සිරිසේන ‘සර්වබලධාරී‘ විධායක ජනාධිපතිවරයකු නොවන බවට දුන් පොරොන්දුවෙන් ආරක්ෂා කරමින් සිටිනවා ද? නොඑසේනම්, මෙම ආතතික අවස්ථාව සිය බලය එජනිස විධායක කමිටුව අභියස පෙන්වීමට ඔහු දැක්වූ අසමත්කමෙහි ප්‍ර‍තිඵලයක් ද? ඔබේ අදහස් සහ ගැටළු www.manthri.lk/en/blog; හරහා හෝ Twitter @manthrilk, හරහා එවන්න. නැතිනම් manthri.lk දුරකථනයට අමතන්න: 071-4639882.