almost 5 years ago by Manthri.lk - Research Team under in විශ්ලේෂණ

ලිඛිත ප්‍ර‍ශ්නයක් ඉදිරිපත් කිරීමේ අරමුණ කුමක් ද?

 

පාර්ලිමේන්තුව තුළ ලිඛිත ප්‍ර‍ශ්න විමසීමට පහසුකම් ලබ‍ා දීම ආණ්ඩුව වගවීම් සහිතව තබා ගැනීම‍ට උපකාර වන වැදගත් ම‍ෙවලමකි – එය  පාර්ලිමේන්තු විපක්ෂයේ කාර්යයක් වේ.

 

වර්තමාන පාර්ලිමේන්තුව යනු සැබෑ විපක්ෂය තමන් බවට කියා සිටින කණ්ඩායම් කිහිපයකින් සමන්විත වූවකි: පාලක සභාග  රජයට අමතරව ද‍ෙවන වැඩිම පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව ලබා සිටින ද‍ෙමළ  ජාතික සන්ධානය , ‘ඒකාබද්ධ විපක්ෂය’ ල‍ෙස හඳුනාගනු ලබන එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ සිටින කැරලිකාර කණ්ඩායම, අමාත්‍යධූර ප්‍ර‍තික්ශේප කළ ජනතා විමුක්ති ප‍ෙරමුණ, අගමැතිතුමාට එර‍ෙහිව ඉදිරිපත් වූ විස්වාසභංග යෝජනාවේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය එර‍ෙහිව ගිය මන්ත්‍රීවරුන් 16 ද‍ෙනාගේ කණ්ඩායම ඒ අතර වේ. ලිඛිත ප්‍ර‍ශ්න යනු විපක්ෂය කටයුතු කරන ආකාරය පිළිබඳ මිනුමක් නම්, ම‍ෙකී කණ්ඩායම් අතුරින් සිය ඉල්ලීම හා ගැලප‍ෙන ක්‍රියාකාරීත්වයක් ප‍ෙන්නුම් කරන්නේ කුමන කණ්ඩායම ද?

 

පළමු ප්‍ර‍දර්ෂිතය‍ෙහි එන මණ්ත්‍රී.එල් කේ (manthri.lk) ව‍ෙතින් ලබා ගත් දත්ත  ඇසුර‍ෙන් සිදු කළ විශ්ලේෂණය එම පැනය  කුලුගන්වන්නකි.

 

ම‍ෙම කාලය තුළ ජනතා විමුක්ති ප‍ෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 ද‍ෙනා විසින් දායකත්වය සමස්ථ ලිඛිත ප්‍රශ්න සංඛ්‍යාව 322කි. එම ගණන ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රී සංඛ්‍යාවෙන්  බෙදූ  විට, එක් මන්ත්‍රීවරය‍ෙකුගේ දායකත්වය ප්‍රශ්න 53.6 කි.

 

සාපේක්ෂව සසඳා බලන කල එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 33 ද‍ෙන‍ෙක් විසින් සමස්ථ ලිඛිත ප්‍රශ්න 609ක් ඉදිරිපත් කර ඇති අතර, එවිට එක් මන්ත්‍රීවරය‍ෙකුගේ දායකත්වය ප්‍රශ්න 18.4කි. එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 30 ද‍ෙන‍ෙක් ව‍ිසින් ලිඛිත ප්‍රශ්න 580ක් විමසීම‍‍ෙන් එක් මන්ත්‍රීවරය‍ෙකු ප්‍රශ්න 19.33ක අගයක් ප‍ෙන්වා ඇත.

 

ම‍ෙතුළින් සිත්තම්වන පුළුල් චිත්‍ර‍ය නම්, එකම කාල සීමාවක් තුළ එක්සත් ජාතික පක්ෂ සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විමසන ලද ලිඛිත ප්‍ර‍ශ්නවල සාමාන්‍ය ම‍ෙන් ද‍ෙගුණයක සාමාන්‍යයක් ප‍ෙන්නුම් කරන ජනතා විමුක්ති ප‍ෙරමුණ ම‍ෙහි දී සැබෑ විපක්ෂය වී ඇති බවයි.

 

සංඛ්‍යා දත්ත තුළින් මීළඟට හ‍ෙලිදරවු ක‍ෙර‍ෙන කරුණ නම් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාගේ ක්‍රියාකාරීත්වයයි. ම‍ෙම කාලය තුළ විමසන ලද සමස්ත  ලිඛිත ප්‍රශ්න 1586 තුළ තනි මන්ත්‍රීවරය‍ෙකු ල‍ෙස බුද්ධික පතිරණ  ලිඛිත ප්‍ර‍ශ්න  සන්ධර්භයම තම අනසකට යටත් කරග‍ෙන ඇති බව ප‍ෙනී යන්නකි.  ඔහු විසින් සමස්ත ලිඛිත ප්‍රශ්න  1586 අතුරින් 273ක්, එනම් සමස්ත ලිඛිත ප්‍රශ්න ප්‍ර‍මාණය‍ෙන් 17% ම විමසා ඇත. මන්ත්‍රී බුද්ධික පතිරණට පසුපසින් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්දන මහතා පසුවන අතර, ඔහු විසින් ලිඛිත ප්‍ර‍ශ්න 122ක් එනම් සමස්ත ලිඛිත ප්‍රශ්න ප්‍ර‍මාණය‍ෙන් 7.7% විමසා ඇත.

 

ම‍ෙයින් ප‍ෙන්නුම් කරන්නේ බන්දුල ගුණවර්දන මහතාට සාපේක්ෂව ද‍ෙගුණයක ප්‍ර‍මාණයකින් බුද්ධික පතිරණ  මහතා ලිඛිත  ප්‍ර‍ශ්න  කාර්යය පටිපාටිය භාවිත කර ඇති බවයි.

 

ම‍ෙහි දී ද‍ෙමළ  ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාරීත්වය අසතුටුදායක වේ. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 11 ද‍ෙන‍ෙකු විසින් ලිඛිත ප්‍ර‍ශ්න 33ක් විමසා ඇති අතර, එය එක් මන්ත්‍රීවරය‍ෙකුට ලිඛිත ප්‍ර‍ශ්න 3ක සාමාන්‍යයකි.

 

ක‍ෙසේ නමුදු, ද‍ෙමළ ජාතික සන්ධාන  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සාපේක්ෂව අඩු ක්‍රියාකාරීත්වයක් ප‍ෙන්නුම් කරන අතරතුර ජනතා විමුක්ති ප‍ෙරමුණ  සහ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ  මහතා ලිඛිත ප්‍ර‍ශ්න විමසීම‍ෙහි ප්‍ර‍මුඛයන් බවට පත් වී සිටින බව ම‍ෙම විශ්ලේෂණය තුළින් ඉස්මතු වන්නකි.

 

වගු අංක1

 

වගු අංක 2