සිංහල தமிழ் English

අප ගැන

Manthri.lk යනු පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225 ගේ ක්‍රියාකාරීත්වය හා වැඩකටයුතු සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන පුරෝගාමී ත්‍රිභාෂා වෙබ් අඩවියකි. ශ්‍රී ලංකාවේ මෙලෙසින් ප්‍රකාශයට පත් පවන පළමු අන්තර්ජාල තොරතුරු සේවාව Manthri.lk වන අතර මෙය පාර්ලිමේන්තු වරම් ලත් ජනතා නියෝජිතයන් ඔවුන්ගේ ඡන්දදායකයන් වෙත ඇති වගකීම් නිසි අයුරින් ඉටු කරනවාදැයි විමසිලි දෑසින් බලමින් ලකුණු සටහන් කරන ප්‍රගති වාර්තා පතක් ලෙසින් පවතිනු ඇත. මෙම මූලාරම්භය මගින් විනිවිද භාවය සහ යහපාලනය සඳහා අනුබල දෙමින් ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික ක්‍රියාරාමුව වඩාත් ප්‍රසශ්ත මට්ටමකට ගෙන ඒම මෙහි අරමුණයි.

ඵලදායීතාවයෙන් යුතුව සභා කාලය යෙදවීම, විදේශ කටයුතු, ආර්ථීක සංවර්ධනය, මානව හිමිකම්, ප්‍රතිසන්ධානය ඇතුලූ කරුණු 42 ක් ආවාරණය කරන අංග සම්පූර්ණ මාතෘකා එකතුවක් යටතේ වන අපක‍ෂපාතී ඛේත පද්ධිතියකට අනුව පාර්ලිමේන්තු සභිකයන්ගේ ක්‍රියාකාරකම් Manthri.lk ඇගයීමට ලක් කරමින් ඔවුන්ව ශ්‍රේණිගත කිරීමට අදහස් කරයි. මෙම ඇගයීම් සඳහා අවශ්‍ය තොරතුරු සහ දත්ත ලබා ගැනීම පාර්ලිමේන්තු හැන්සාර්ඩ් වාර්ථාව මෙන්ම පාර්ලිමේන්තුවේ වාචිකව සිදු කරනු ලබන සංවාද පදනම් කර ගැනීමට Manthri.lk බලාපොරොත්තු වන අතර එම තොරතුරු වර්ගීකරණ ඛේත ගත කිරීමේ පද්ධතියකට ඇතුල් කරනු ලැබේ. එයින් අනතුරුව අරමුණු සහිත සංකල්ප සඳහා ඵලදායීතාවයෙන් යුතුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කාලය යෙදවීම අනුව ඔවුන්ගේ දායකත්ව වර්ගීකරණය කරමින් ඔවුන්ට ලකුණු ලබා දෙනු ලැබේ. (කරුණාකර FAQ[නිතර අසන ප්‍රශ්න] තීරුවට යොමු වන්න).

මෙනයින් පාර්ලිමේන්තුව හරහා නිසි ආකාරයෙන් රටට දායකත්වය ලබා දෙන පාර්ලිමේන්තු නියෝජිතයන් පැසුසමට ලක් කරනා අතරම පාර්ලිමේන්තු ගර්භයේ ක්‍රියාකාරකම්වලට බාධා ඇති වන ආකාරයෙන් කි්‍රයා කරන මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය හෙලා දැකීම Manthri.lk ව්‍යාපෘතියෙහි තවත් අපේක‍ෂිත ඉලක්කයකි. මේ අනුව අපගේ ප්‍රමුඛ අපෙක්ෂාව වනුයේ මෑතකදී සිට මහජනතාව වැඩියෙන් සංවේදි වෙමින් සිටින පාර්ලිමේන්තු ගර්භය ඇතුලත මන්ත්‍රීවරුන් කලහකාරීව හැසිරීම පිළිබඳ අර්ථාන්විත සංවාද සඳහා ඉඩ සළසමින් එවන් ක්‍රියාකලාප අවම කර එම උත්තරීතර සභාවේ ගරුත්වය රැකීමට දායක වීමය.

මෙයට අමතරව සෑම පාර්ලිමේන්තු සභිකයෙකු පිළිබඳ සවිස්තරාත්මක ‘ප්‍රෝෆයිලයක්’ හෙවත් ප්‍රතිරූප ආකෘතියක් ප්‍රකාශයට පත් කිරීමටද Manthri.lk මුල පුරමින් සිටියි. එම මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සහ අන්තර්ජාල මාධ්‍ය තොරතුරු මෙන්ම ඔවුන් හා සම්බන්ධ වීමේ තොරතුරුද ලබා දෙන්නට අප කටයුතු කරන්නෙමු. මෙසේ කිරීමෙන් මහජනතාව සහ ඔවුන් පාර්ලිමේන්තු වරම් ලබා දුන් ජනතා නියෝජිතයන් අතර සබඳතාවයන් දියුණු කොට තහවුරු කිරීම Manthri.lk හි අපේක‍ෂාවයි.

Manthri.lk වෙබ් අඩවිය නිර්මාණය කර පවත්වාගෙන යනු ලබන්නේ කොළඹ නගරයෙහි ස්ථානගතව ක්‍රියාත්මක වන පක්ෂග්‍රාහී නොවූ බුද්ධිමණ්ඩලයක් වන වෙරිටේ රිසර්ච් සමීක‍ෂණ ආයතනය විසිනි. ආර්ථීක, දේශපාලන, නෛතික සහ මාධ්‍ය යන ක‍ෂ්ත්‍රයන් පිළිබඳ පර්යේෂණ අධ්‍යයනයේ යෙදෙන වෙරිටේ රිසර්ච් ආයතනය, Manthri.lk ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ අන්තර්ජාල සහ ජංගම දුරකථන යෙදවුම් ප්‍රවර්ධනයේ නියැලී සිටින ජාතිකාන්තර ආයතනයක් වන සබේරියන් හා හවුලේ ක්‍රියා කරමිනි.



අප අමතන්න

[email protected]

ඊ මේල් - [email protected]

Subscribe for Manthri.lk

Please submit your details to subscribe for Manthri.lk newsletter.