about 6 years ago by Manthri.lk - Research Team under in ග්‍රැෆික්තොරතුරු සටහන්

විශ්වාසභංග යෝජනාව යනු සමස්ත ආණ්ඩුවේම හෝ කථානායකවරයා ද ඇතුළුව පාර්ලිමේන්තු සාමාජිකයකුගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ පාර්ලිමේන්තුවේ විශ්වාසය බිඳ වැටී ඇති බව කියා පාමින් සම්මත කරන යෝජනාවයි. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් අගමැතිතුමාට විරුද්ධව ගෙන එන ලද විශ්වාසභංග යෝජනාව  අද, එනම් 2018 අප්‍රේල් මස 4 වැනි දින පාර්ලිමේන්තුව තුළ විවාදයට ගන්නා අතර ජන්ද විමසීම අද රාත්‍රීයේ පස්වරු 9.30ට සිදු කෙරෙනු ඇත.

8වැනි පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දත්ත මත පදනම්ව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා 8 වැනි පාර්ලිමේන්තුවට ලබා දුන් දායකත්වය මෙම ග්‍රැෆික් සටහන මඟින් පෙන්නුම් කරයි.