over 2 years ago by Manthri.lk - Research Team under in ග්‍රැෆික්තොරතුරු සටහන්

2018 අයවැයෙන් රුපියල් බිලියන 5.7 ප‍්‍රතිපාදනයක් වෙන් කොට තිබෙන ‘ක්‍රීඩා විෂය’ පිළිබඳ කමිටු අවස්ථාවේ විවාදය අද (නොවැම්බර් 23දිනට යෙදී ඇත. 2015 සැප්. සිට 2017 සැප්. දක්වා අවරුදු 2ක් පුරා ‘ක්‍රීඩා විෂයට’ අදාල ව පාර්ලිමේන්තුව තුළ සිදු වූ ක‍්‍රියාකාරකම් වල සාරාංශයක් වන Manthri.lk හි මෙම ග‍්‍රැෆික් සටහන මඟින් පැහැදිලි ව පෙනෙන පරිදි ‘ක්‍රීඩා විෂය’ යටතේ විධි නියාමන 3ක් සහ පනත්  1ක්  ඉදිරිපත් වී ඇත. කල් තැබීමේ විවාද හෝ  නියෝග කිසිවක් සම්මත කරනු ලැබ නැත. ලිඛිත ප‍්‍රශ්න 23ක් ඉදිරිපත් වී ඇති අතර ‘ක්‍රීඩා  විෂයට’ අදාල ව පාර්ලිමේන්තු සභා ගැබේ කටයුතු වලට දායකත්වයක් දුන් මත‍්‍රිවරුන් / ඇමතිවරුන්  32ක් අතරින්පිළිවෙලින් 1, 2, 3, 4, 5 යන ස්ථාන වලට පත්ව ඇත්තේ අමාත්‍ය දයාසිරි ජයසේකරපා.ම. බිමල් රත්නායකපා.ම. මහින්දානන්ද අලුත්ගමගේ,  පා.ම. ඥානමුත්තු ශ්‍රිනේෂන්නියෝජ්‍ය අමාත්‍ය එච්.එම්.එම්. හරිස් යන මත‍්‍රිවරුන් / ඇමතිවරුන් ය.